අපවත් වී වදාළ අම්බලන්ගොඩ කන්දෙගොඩ ශ්‍රී නාගපුෂ්පාරාම පුරාණ විහාරාධිපති අමරපුර මහා නිකායේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රාචාර්ය පූජ්‍ය රන්දොඹේ ධම්මිස්සර තිස්ස නාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහය පිලිබඳ ආදාන පූජෝත්සවය හෙට (20) සිදු කිරීමට නියමිතයි.
ඒ අනුව හෙට (20) පස්වරු 3ට වතුගෙදර ප්‍රදේශීය සභා පිටියේදී අවසන් කටයුතු සිදු කෙරෙනු ඇති.
ආදාන පෙරහැර එදින පස්වරු 1.30 ට විහාරස්ථානයෙන් පිටවන බවයි දායක සභාව නිවේදනය කළේ.
