Gossips

පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන්ගෙන් චෝදනාවක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනඑමින් වචන හරඹ ඔස්සේ ආණ්ඩුව ජනතාව මුලා කරන බව සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පවසනවා.
රට බෙදන ව්‍යවස්ථාව මැයෙන් අද පස්වරුවේ කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.
මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
උත්සවයෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා මාධ්‍යවේදීන් හමුවේ මෙලෙස අදහස් දැක්වූවා.