අපවත් වී වදාළ බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ශ්‍රී දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද දහවල් අවසන් ගෞරව දක්වා තිබෙනවා.
උන්වහන්සේගේ ශ්‍රී දේහය බෙල්ලන්විල රජමහා විහාරස්ථානය වෙත වැඩම කරනු ලැබුවේ අද අලූයමයි.
අවසන් ගෞරව දැක්වීමෙන් පසුව විහාරස්ථ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා මෙන්ම විහාරස්ථ දායක සභාව වෙත සහ උන්වහන්සේගේ අපවත් වීමෙන් සංවේගයට පත් සමස්ත ශ්‍රී ලාංකීය ජනතාව වෙත ජනාධිපතිවරයා මෙහිදී සිය සංවේගය පළ කළා.