Gossips

පූජ්‍ය බෙල්ලන්විල නාහිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට අති විශාල ජනකායක්

අපවත් වී වදාළ මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරත්න නාහිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මේ වන විටත් අති විශාල ජනකායක් පැමිණෙමින් සිටිනවා.
එම ස්ථානයේ සිටින අප වාර්තාකරු සඳහන් කළේ බෙල්ලන්විල රජමහා විහාරය අසළ දිගු පෝලිම් දක්නට ලැබෙන බවයි.
පෙරේදා සහ ඊයේ දිනයේ ද දහස් ගණනින් ජනතාව නාහිමියන්ගේ දේහයට ගෞරව දැක්වීම සඳහා පැමිණියා.
බෙල්ලන්විල විමලරත්න නාහිමියන්ගේ අපවත්වීම වෙනුවෙන් සංවේගය පළ කිරීම සඳහා සෑම නිවසකම, රාජ්‍ය ආයතන, වෙළඳ ආයතන හා රථවාහනවල කහ පැහැති ධජයක් ප්‍රදර්ශනය කරන ලෙසයි බුද්ධශාසන අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කළේ.
නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය අනිද්දා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල ක්‍රීඩාංගනයේදී රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වීමට නියමිතයි.