Gossips

පූජ්‍ය බෙන්ගමුවේ නාලක හිමියන් ඇතුළු හිමිවරුන් 4 ක් අත්අඩංගුවට ගන්න නියෝග

පොදු දේපළවලට හානිකිරීම සම්බන්ධයෙන් පූජ්‍ය බෙන්ගමුවේ නාලක හිමියන්, පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්,පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන්, මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමියන් අත්අඩංගුවට ගන්නා ලෙස අධිකන්ර නියෝග කර තිබෙනවා.
2016 වසරේ පැවති ආබාධිත රණවිරු විරෝධතාවක් අතරතුරදී රාජ්‍ය දේපළවලට හානි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි හිමිවරුන්ට චෝදනා එල්ලවී ඇත්තේ.
අදාල හිමිවරුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (31) නියෝග කළේ.