Gossips

පූජ්‍ය ගිරාඹේ ආනන්ද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය ලබන 24 වනදා

අපවත්වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක පූජ්‍ය ගිරාඹේ ආනන්ද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය ලබන 24 වනදා අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ ලේඛකාධිකාරි මහාචාර්ය පූජ්‍ය අත්තන්ගනේ රතනපාල හිමියන් ප්‍රකාශ කළේ එදින පස්වරු 3ට ආදාහන පූජෝත්සවයේ කටයුතු ආරම්භ කරන බවයි.
රෝගී තත්ත්වයක් හේතුවෙන් දින 9ක පමණ කාලයක සිට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී උන්වහන්සේ අද අලූයම අපවත් වුණා.