Gossips

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් යළි රෝහල් ගත කෙරේ

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අද පස්වරුවේ යළි ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කරනු ලැබුවා.
ඒ, නියමිත සායනයට සහභාගිවීම සඳහා අද එහි පැමිණි අවස්ථාවේදියි.
වැලිකඩ බන්ධනාගාර රෝහලේ සිට උන්වහන්සේ සායනයට පැමිණි අතර, වැඩිදුර ප්‍රතිකාර සඳහා ඥානසාර හිමියන් යළි රෝහල් ගත කළ යුතු බව වෛද්‍යවරුන් නිර්දේශ කර තිබෙනවා.
ඒ අනුව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ 5 වන වාට්ටුවට ඇතුළත් කෙරුණා.
මේ අතර, සන්ධ්‍යා එක්නැලිගොඩට බැන, තර්ජනය කිරීමේ සිද්ධියට අදාළව ලබාදුන් සය මසක සිරදඩුවමට එරෙහිව උන්වහන්සේ හෝමාගම මහාධිකරණයේ ගොනු කළ අභියාචනා පෙත්සම යළි සලකා බැලීම ලබන මස 4 වන දා දක්වා කල් දමා තිබෙනවා.