Gossips

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නඩුව කල් යයි

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා පවරා ඇති නඩුව මේ මස 18 වනදා දක්වා කල් දැමුණා.
මෙම නඩුව අද කැදවනු ලැබුවේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු පී‍්‍රති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන් හමුවේයි.
අද දිනයේ විත්ති පාර්ශවයේ ලිඛිත දේශණ ගොනු කිරීමට නියමිතව තිබුණත් නීතිඥයන් ඉල්ලා සිටියේ ලිඛිත දේශණ සූදානම් නොමැති බැවින් ඒ සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙසටයි.
ඒ අනුව විත්ති පාර්ශවයේ ලිඛිත දේශණ අනිද්දා ගොනු කරන ලෙසයි අභියාචනාධිකරණය දැනුම් දුන්නේ.