Gossips

පුළුල් සන්ධානයකින් මැතිවරණයට එන බව අගමැති මහින්ද කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව සන්ධානගත වී ඉදිරි මැතිවරණයට තරඟ කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.
සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සභාවේ නියෝජිතයින් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතර කොළඹ දී ඊයේ (12) හමුවක් සිදුවුණා.
ඊට අමාත්‍ය ෆයිසර් මුස්තාෆා ඇතුළු පිරිසක් එක්ව සිටියා.
මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ, එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායකයින් අතර විශේෂ හමුවක් ඊයේ (12) රාත්‍රියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.
ඒ, ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.
මේ අතර, ඊයේ උදෑසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
එහිදී එළඹුණු එකඟතා පිළිබඳවයි පක්ෂ නායකයින් අතර පැවති සාකච්ඡාවේදී දීර්ඝ වශයෙන් අවධානය යොමු වී ඇත්තේ.