Gossips

පුළුල් වූ මන්නාරම සමුහ මිනීවල

මන්නාරම් සමුහ මිනිවල දෙවන වතාවට පුළුල් කිරීමෙන් පසු නැවත කැනීම් කටයුතු අද (08) ආරම්භ කර තිබෙනවා.
කැනීම් භාර නිලධාරී විශේෂඥ අධිකරණ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ කියා සිටියේ අද 126 වන දිනටත් කැනීම් කටයුතු සිදු කරන බවයි.
මේ වන විට හමුවූ සිරුරු කොටස් 288න් සිරුරු 178ක් වෙන් කර ඇති බවයි කැනීම් භාර නිලධාරිවරයා වැඩිදුරටත් කියා සිටියේ.
එම සිරුරු කොටස් මන්නාරම අධිකරණයේ විශේෂ කුටියක තැන්පත් කර තිබෙනවා.