ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියානු පිලට ජයි රිචඩ්සන් ඇතුළත් කර තිබෙනවා.
ඒ, නිත්‍ය වේගපන්දු යවන ක්‍රීඩක ජොෂ් හේසල්වුඩ් තුවාල ලැබීම හේතුවෙන්.
මේ අතර ශ්‍රී ලංකා පිල සහ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩල කණ්ඩායම අතර පැවති තුන්දින පුහුණු තරගය ඊයේ ජය පැරදුමෙන් තොරව අවසන් වුණා.
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක කන්ඩායම පළමු ඉනිම සඳහා කඩුලූ පහක් දැවී ලකුණු 316 ක්ද, දෙවන ඉනිම සඳහා කඩුලූ 3 ක් දැවී ලකුණු 224 ක්ද ලබාගත්තා.
පළමු ඉනිමේදී කඩුලූ 5 ක් දැවී ලකුනු 176 ක් ලබාගත් ශ්‍රී ලංකා පිලට දෙවන ඉනිමේදී කඩුලූ 6 ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 131 ක් පමණයි.
