Gossips

පුහුණු තරගයේ දී ශ්‍රී ලංකා පන්දු යවන්නන් සුපිරි දක්ෂතා අතරට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර පැවැත්වෙන තුන්දින පුහුණු තරඟය අද ආරම්භ වුණා.
ඕස්ට්‍රේලියාවේ හෝබාර්ට් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරඟයේ කාසියේ වාසිය දිනාගැනීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.
ඒ අනුව ඔවුන් මේ වන විට කඩුලු 5ක් දැවී ලකුණු 143ක් ලබා ගෙන සිටිනවා.
Kurtis Patterson මේ වන විට නොදැවී ලකුණු 67යි.
පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර කඩුලු 3ක් දවා ගත් අතර කසුන් රාජිත කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුණා.