Gossips

පුවක් කැඩීමට ගිය කෙක්ක කඩා වැටී පුද්ගලයෙකුගේ හිස පසාරු කරගෙන යයි

අනුරාධපුර තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු කෙක්කක් ආධාරයෙන් පුවක් කැඩීමට යාමේදී එම කෙක්ක හිස මත කඩා වැටී අනතුරක් සිදුව තිබෙනවා.
කෙක්ක මැදින් කැඩී මෙම පුද්ගලයාගේ හිසට වැටී ඇති අතර ඉන් කොටසක් හිස තුලට ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
අනතුරට ලක්වී ඇත්තේ 62 හැවිරිදි පුද්ගලයෙක්.
අනතුරින් පසු ඔහු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.
ඊයේ රාත්‍රී මෙම පුද්ගලයාට ශල්‍යකර්මයක් සිදුකර ඇතැයි සඳහන්.
එමෙන්ම අනතුරින් ඔහුට බරපතල තත්වයක් නොමැති අතර මොළයට හානියක් සිදුව නොමැති බවටයි වෛද්‍යවරුන් ප්‍රකාශකර ඇත්තේ.