බලපත්‍ර නොමැතිව ඖෂධ අලෙවි සැලක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු මුල්ලවේලි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පුල්මුඩේ නාවික හමුදා කඳවුරේ නිලධාරීන් සහ මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකායේ කඳවුරේ නිලධාරීන් එක්ව සිදුකළ වැටලීමකදියි ඊයේ (07) මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
වෛද්‍ය නිර්දේශ නොමැතිව ද මොවුන් ඖෂධ අලෙවිකර ඇති බව ද හෙළිව තිබෙනවා.
