Gossips

පුලතිසිපුර වාරි ඉංජිනේරුට පහරදුන් අයෙකු අත්අඩංගුවට

පොළොන්නරුව – ප්‍රාදේශීය වාරි ඉංජිනේරුවරයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුව ඔහු ලබන 15 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි අධිකරණය නියෝග කළේ.
ඊයේ පෙරවරුවේ පොළොන්නරුව – දෙකේ ඇළ රක්ෂිතයේ අනවසර ඉදිකිරීමක් ඉවත් කිරීම සඳහා අදාළ වාරි ඉංජිනේරුවරයා එම ස්ථානයට ගිය අවස්ථාවේදී මෙම පහරදීම සිදුකර තිබුණා.
ප්‍රහාරයෙන් තුවාල ලැබූ පොළොන්නරුව ප්‍රාදේශීය වාරි ඉංජිනේරු අසේල උදයංග මේ වන විට පොළොන්නරුව මහරෝහලේ ප්‍රතිකාර ලබනවා.
මෙම සිද්ධියට විරෝධය පළ කරමින් ලබන සඳුදා විරෝධතාවක් සිදුකරන බව රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමය ප්‍රකාශ කළා.
එහි සභාපති ඩී. අබේසිරිවර්ධන කියා සිටියේ සාධාරණයක් ඉටු නොවුණහොත් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීරණ වන බවයි.