Gossips

පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරීමට නව ව්‍යවස්ථාවක්

දිනෙන් දින විනාශයට පත් වන පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් ස්ථාන ආරක්ෂා කර ගැනීම සඳහා නව ව්‍යවස්ථාවක් සකස් කර ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මෙමගින් පුරාවිද්‍යා ස්ථාන විනාශවීම වැළැක්වීම සඳහා නව අණ පනත් සකස් වනු ඇති බවයි එහි අධ්‍යක්ෂ ජනරාල් පී.බී. මණ්ඩාවල හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.