Gossips

පුරාවිද්‍යා වටිනාකමකින් යුත් බුදු පිළිමයක් සමඟ හතරක් කොටු

පුරාවිද්‍යා වටිනාකමකින් යුත් බුද්ධ ප්‍රතිමාවක් සමඟ සැකකරුවන් සිව් දෙනෙක් පුස්සැල්ලාව ප්‍රදේශයේදී ඊයේ (02) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පවසන්නේ පුස්සැල්ලාව නගරයේ රාජකාරි කරමින් සිටි නිලධාරී කණ්ඩායමක් විසින් සැකකටයුතු මෝටර් රථයක් නවතා පරික්ෂා කිරීමේදී මෙම ප්‍රතිමාව සොයාගත් බවයි.
බුද්ධ ප්‍රතිමාව සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 30,35 සහ 40 යන වයස් සීමාවල පසුවන්නන් බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් සිව්දෙනා කොත්මලේ, නිට්ටඹුව, මාවතගම සහ හෙයියන්තුඩුව යන ප්‍රදේශවල පදිංචිකරුවන්.
සැකකරුවන් අද (03) දිනයේදී ගම්පොළ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.