Gossips

පුරාවිද්‍යා භූමියකදී හිමිවරු දෙනමකට විරෝධයක්

පුරාවිද්‍යා භූමියක් නිරීක්ෂණයට ගිය ස්වාමීන් වහන්සේ දෙනමක් ඇතුළු පිරිසකට විරෝධය පළ කිරීමේ සිදුවීමක් මුලතිව් ප්‍රදේශයෙන් වාර්තා වුණා.
පුරාවිද්‍යා නිලධාරීන් සහ වැලිඔය ආරණ්‍ය සේනාසනයේ ස්වාමීන් වහන්සේ දෙනමක් ඇතුළු පිරිසක් පසුගිය 5 වන දා කුරුඳුමලේ පුරාවිද්‍යා භූමිය තුළට ඇතුළු වී ඇත්තේ නිරීක්ෂණ කටයුත්තක් සඳහායි.
එම ස්ථානයේ ආරක්ෂාව සඳහා නිලධාරීන් යෙදවීමට අවශ්‍ය කුටියක් නිර්මාණය කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කටයුතු සූදානම් කර තිබුණා.
අනතුරුව ස්වාමීන් වහන්සේ දෙනම සහ පුරාවිද්‍යා නිලධාරීන් එම ස්ථානයෙන් නික්ම ගොස් ඇති අතර, පසුව ස්වාමීන් වහන්සේ දෙනම ගමන් ගත් මාර්ගය අවහිර කරමින් ප්‍රදේශයේ ජනතාව විරෝධය පළ කර තිබුණා.
ඒ, එම පුරාවිද්‍යා භූමියේ විහාරස්ථානයක් ඉදිකිරීමට සූදානමක් ඇති බවට චෝදනා එල්ල කරමින්. කෙසේ වෙතත්, පොලීසිය මැදිහත් වී අදාළ සිදුවීම සමථයකට පත් කර තිබෙනවා.