Gossips

පුරාවිද්‍යා කැණීම් වාර්තා සහ පුරාවස්තු නිසි පරිදි ලබා නොදුන් පුද්ගලයින්ට ඉදිරියේදී කැණීම් බලපත්‍ර ලබා නොදීමේ තීරණයක්

පුරාවිද්‍යා කැණීම් බලපත්‍ර ලබාගෙන කැණීම් කටයුතු සිදුකළ ඇතැම් පිරිස් එම වාර්තා සහ පුරාවස්තු නියමිත පරිදි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ලබාදී නොමැති බව එහි අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය පී.බී. මණ්ඩාවල පවසනවා.
මෙම තත්ත්වය මත ජාත්‍යන්තර ප්‍රමිතීන් සහ නිර්ණායක නොමැතිවීම හේතුවෙන් මෙරට පුරාවිද්‍යා ගවේෂණවලට ජාත්‍යන්තර පිළිගැනීම අහිමිවී යාමේ තත්වයක් උද්ගතව ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ඒ අනුව නියමිත පටිපාටිය අනුගමනය නොකරන පුද්ගලයින්ට ඉදිරියේදී කැණීම් බලපත්‍ර ලබානොදීමට පියවර ගන්නා බවද පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළා.