නිවාස සංවර්ධන අධිකාරිය යටතේ නව ගම්මානයක් ඉදිකරන බව පවසමින් අනුරාධපුර – ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පූගොල්ලාගම ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුක්ත ස්ථානයක් යන්ත්‍ර සූත්‍ර මගින් විනාශ කර ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.
අක්කර 15 ක පමණ විශාලත්වයකින් යුත් මෙම භූමියේ ගරාවැටුණු චෛත්‍යයක ගල්කණු, මල් ආසන, ගල් ඇඳන්, සඳකඩ පහන සහ මුරගල් විශාල ප්‍රමාණයක් විනාශ කර දමා ඇති බවයි ඔවුන් සඳහන් කළේ.
නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය යටතේ පවතින නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරින් විසින් කළ ඉල්ලීමකට අනුව ඉපලෝගම ප්‍රාදේශීය ලේකම්වරිය විසින් මෙම භූමිය එම අධිකාරියට ලබාදී ඇති බව සඳහන්.
ඉදිකිරීම් කටයුතු සඳහා ප්‍රදේශවාසීන් විරෝධය පළ කළද නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් විසින් එම භූමියේ හෙළිපෙහෙළි කිරීමේ කටයුතු කිරීම සිදුකර තිබෙනවා.
අප මේ සම්බන්ධයෙන් ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් සජිදා භානුගෙන් විමසීමක් කළා.
ඇය කියා සිටියේ එම ස්ථානය විනාශ වී ඇති බව තමන් පිළිගන්නා නමුත්, පුරාවිද්‍යා වටිනාකමකින් යුක්ත ස්ථානයක් බව නොදැන අදාළ ඉදිකිරීම් සඳහා එම ඉඩම ලබාදුන් බවයි.