Gossips

පුරාවස්තු සොයා කැණීම් සිදු කළ පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට

ත්‍රිකුණාමලය – නොච්චිකුලම – ආඩියාගල රක්ෂිතයේ පුරාවස්තු සොයා කැණීම් කළ සැකකරුවන් 7 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ රාත්‍රියේ සිදුකළ මෙම වැටලීමේදී ඔවුන් නිධන් ලබා ගැනීම සදහා රැගෙනවිත් තිබූ පූජා භාණ්ඩ ඇතුලූ උපකරණ තොගයක් ද පොලිස් භාරයට ගෙන ඇති බව සදහන්.
සැකකරුවන් දෙහි ඕවිට කෙසෙල්වත්ත සහ දොඩම්ගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය ප්‍රකාශ කළේ.