Gossips

පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කළ 7 දෙනෙකු අත්අඩංගුවට

කරදියනාරු – කාරක්කාඩු ප්‍රදේශයේ දී පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මඩකලපුව කොට්ඨාශ දූෂණ මර්දන අංශයට ලද තොරතුරක් මත ඊයේ රාත්‍රියේ සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
ඔවුන් ඉබ්බාගමුව, එරාවූර් සහ කරදියනාරු ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
මේ අතර, බදුල්ල – මඩොල්සිම – කුරුවිගොල්ල ප්‍රදේශයේ දී ද පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කළ සැකකරුවන් 7 දෙනෙකු අද අලුයම අත්අඩංගුවට ගැනුණා.