පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි පුද්ගලයන් 4 දෙනෙකු පුලියන්කුලම – කාංචනමොටේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් සතුව තිබූ කැණීම් කටයුතු සඳහා යොදා ගන්නා බැකෝ යන්ත්‍රයක් සහ ත්‍රිරෝද රථයක් ද පොලිස් භාරයට ගෙන තිබුණා.
මීට අමතරව කැණීම්වලින් සොයා ගන්නා ලද ගලෙන් නෙලූ බුදු පිළිමයක ශීර්ෂ කොටසක්, කිරිගරුඬ පිළිමයක් සහ මැටි පහන් කිහිපයක් ද පොලිස් භාරයට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
සැකකරුවන් තලවකැළේ, ත්‍රිකුණාමලය, මඩකලපුව සහ නැදුන්කේනි ප්‍රදේශවල පදිංචිකරුවන්.
