Gossips

පුරාවස්තු ලබාගැනීමට කැණීම් කළ 05 දෙනෙකු උඩවලවේදී අත්අඩංගුවට

උඩවලව – කෝමාරිනය ප්‍රදේශයේ පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් සිදුකළ පුද්ගලයින් 05 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ සැකකරුවන් සමඟ කැණීම් සඳහා යොදාගත් උපකරණද පොලිස් භාරයට ගෙන ඇති බවයි.
වයස අවුරුදු 34 ත්, 52 ත් අතර වයස්වල පසුවන ඇඹිලිපිටිය, උඩවලව සහ කොළඹගේආර ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අද ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.