නීතිවිරෝධී ලෙස පුරාවස්තු කැණීම් සිදුකළ පුද්ගලයන් පස්දෙනෙකු අනුරාධපුර – ශ්රීපුර ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙහිදී කැණීම් සඳහා යොදාගත් උපකරණ තොගයක්ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
ඊයේ අත්අඩංගුවට ගත් සැකකරුවන් පරාක්රමපුර, පොල්පිතිගම, රාගම සහ පොළොන්නරුව යන ප්රදේශවල පදිංචිකරුවන්.
