පොළොන්නරුව – වෙට්ටකාඩුව පුරාවිද්‍යා රක්ෂිතයට මායිම්ව පිහිටි ඕනෑගම ප්‍රදේශයේ පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් සිදුකළ පුද්ගලයින් හයදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ රාත්‍රියේ මෙම වැටලීම සිදුකර ඇති අතර, සැකකරුවන් සමඟ කැණීම් උපකරණ සහ පූජා භාණ්ඩද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.
පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28 ත් 40 ත් අතර වයස්වල පසුවන සැකකරුවන් පිරිසක් මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති අතර, ඔවුන් අද පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.