Gossips

පුරාවස්තු කැණීම් කළ තුන්දෙනෙකු අත්අඩංගුවට

මොණරාගල – ගුරුහෙල ප්‍රදේශයේදී පුරාවස්තු ලබා ගැනීම සඳහා කැණීම් කරමින් සිටි පුද්ගලයින් 3 දෙනෙකු මොණරාගල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් කඩුවෙල සහ මොණරාගල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, වැටලීමේදී කැණීම් උපකරණ කිහිපයක් සහ පූජා භාණ්ඩ තොගයක් ද පොලිස් භාරයට ගැනුණා.
සැකකරුවන් අද මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.