Gossips

පුරප්පාඩු 1739 ක් සඳහා ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීම ඉදිරි දෙසතියේදී

දිවයින පුරා පුරප්පාඩුව පවතින ග්‍රාම නිලධාරි තනතුර සඳහා ඉදිරි දෙසතිය තුළ නිළධාරින් බඳවා ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළා.
මේ යටතේ ග්‍රාම නිලධාරින් 1739 දෙනෙකු බඳවා ගන්නේ 2016 වසරේ සැප්තැම්බර් 9 වනදා පවත්වන ලද තරඟ විභාගයේ ප්‍රතිඵල මත බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ.
දිවයින පුරා ග්‍රාම නිලධාරි වසම් 14022 ක් පවතින අතර, ඉන් වසම් 1800 කට අධික ප්‍රමාණයක් සඳහා ග්‍රාම නිලධාරි පුරප්පාඩු පවතිනවා.