තලාව – මොරගොඩ ප්‍රදේශයේදී පුපුරණද්‍රව්‍ය සමඟ දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වෝටර් ජෙල් කරල් 18ක්, ඩෙටනේටර් 21ක්, ජීව අත්බෝම්බ 2ක්, පතොරොම් 17ක් සහ රම්බෝ වර්ගයේ පිහි 2ක් ද මොවුන් ළඟ තිබී සොයා ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
ඊයේ (23) අත්අඩංගුවට ගත් සැකකාරිය මොරගොඩ ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි වියේ පසුවන අතර, පිරිමි පුද්ගලයාගේ වයස අවුරුදු 29ක්.
