Gossips

පුද්ගල මළ සිරුරක් වැව් ඉස්මත්තක

ඇතෙකුගේ පහරදීමෙන් මියයන්නට ඇතැයි සැකකරන පුද්ගලයෙකුගේ මළ සිරුරක් අනුරාධපුර – මරදන්කඩවල – මහලගම වැව් ඉස්මත්තේ තිබී සොයා ගෙන තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ මරදන්කඩවල – දම්පැලැස්සාගම ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි පුද්ගලයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.
මොහු පෙරේදා (10) රාත්‍රී බෙහෙත් පැළැටි එකතු කිරිම සඳහා අසළ වනයකට ගොස් ඇති අතර නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් නිවැසියන් සහ ප්‍රදේශවාසීන් එක්ව ඊයේ (11) සිදු කළ මෙහෙයුමකදී මළ සිරුර සොයා ගෙන තිබෙනවා.
සිරුර වැටී තිබූ ස්ථානය අසල තිබී ඇත්දළ කැබැල්ලක් ද සොයා ගත් බවයි ඉපලෝගම පොලිසිය සඳහන් කළේ.