Gossips

පුද්ගල ජාවාරම් පිළිබඳ වාර්තාවේ දෙවන ස්ථානයට ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාව දෙවන වරටත් එක්සත් ජනපද පුද්ගල ජාවාරම් පිළිබඳ වාර්තාවේ ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.
විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ 2018 ජූනි මස 28 වනදා මෙම වාර්තාව නිකුත් කර ඇති බවයි.
ශ්‍රී ලංකාව 2013 වසරේ සිට 2016 වසර දක්වා අඛන්ඩව වසර හතරක් දෙවන ස්ථානය හිමිකරගැනීම සඳහා වන නිරීක්ෂණ ලැයිස්තුවේ රැඳී සිට ඇති අතර, පුද්ගල ජාවාරමට එරෙහිව රජයේ අදාළ නියෝජිත ආයතනය විසින් ගන්නා ලද ක්‍රියාකාරී පියවර සැළකිල්ලට ගනිමින් පසුගිය වසරේදී දෙවන ස්ථානයට ශ්‍රී ලංකාව උසස් කරනු ලැබුවා.
පුද්ගල ජාවාරම පිළිබඳ මෙම වාර්තාව සකස් කරනු ලබන්නේ 2000 වසරේ සම්මත කරගනු ලැබූ එක්සත් ජනපද පුද්ගල ජාවාරම් වින්දිතයන් ආරක්ෂා කිරීමේ සංශෝධිත පනතට අනුවයි.
පුද්ගල ජාවාරම් වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනතේ 108 වන වගන්තියට අනුව අදාළ රට විසින් ගනු ලැබූ ප්‍රයත්නවල ප්‍රමාණය මත පදනම්ව එක් එක් රටවල් ශ්‍රේණිගත කිරීමේ කටයුත්ත සිදු කෙරෙනවා.