Gossips

පුද්ගල ඝාතනයකට වරදකරුවන් වූ 3 දෙනෙකුට මරණ දඩුවම

පුද්ගල ඝාතනකට වරදකරුවන් වූ විත්තිකරුවන් 3 දෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි අද මරණ දඩුවම නියම කළා.
2001 නොවැම්බර් 5 වනදා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වන නඩුවකට අදාළවයි මෙම පුද්ගලයින් අධිකරණයේදී වරදකරුවන් කෙරුණේ.
මෙලෙස මරණ දඩුවම නියම කෙරුණේ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේම පුද්ගලයින් 3 දෙනෙකුටයි.