Gossips

පුද්ගලික නිදහස අතින් ශ්‍රී ලංකාව පහළට

පෞද්ගලික නිදහස අවම රටවල් 10 අතුරට ශ්‍රී ලංකාව ද ඇතුළත් කර තිබෙනවා.
ඒ මානව නිදහස පිලිබද ගෝලීය දර්ශකයේ දත්තවලට අනුවයි. ආර්ථික නිදහස අතින් ඉදිරියට පැමිණිය ද, ආයතනික නිදහස පළුදු වීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙන බවයි එමගින් පෙන්වා දෙන්නේ.
ලොව රටවල් 159 ක් අතුරෙන් පෞද්ගලික නිදහස අතින් ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 150 වන ස්ථානයයි.
එහි ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිම්බාබ්වේ රාජ්‍යය ද සිටින අතර, 151 සහ 152 වන ස්ථානවල රැඳී සිටින්නේ කොංගෝව සහ සෞදි අරාබියයි.
කලාපීය රටවල් අතුරෙන් පෞද්ගලික නිදහස අතින් ඉන්දියාවට 103 වන ස්ථානයත්, බංග්ලාදේශයට 138 වන ස්ථානයත්, පාකිස්ථානයට 148 වන ස්ථානයත් හිමිව තිබෙනවා.
සමස්ත මානව නිදහස සැලකූ විට ශ්‍රී ලංකාව 135 වන ස්ථානයට නම් කර ඇත්තේ බංග්ලාදේශයට පසුවයි.
නේපාලය සහ භූතානය එම දර්ශකයේ 74 වන ස්ථානයේ රැදී සිටිනවා.