Gossips

පුද්ගලයෙකු යට කර පලා ගිය වාහනයක් සොයා පරීක්ෂණ

හලාවත – කොළඹ මාර්ගයේ වයික්කාල ප්‍රදේශයේදී පුද්ගලයෙකු යට කර පලා ගිය බව කියන වාහනයක් අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශණ කටයුතු සිදු කරන බව වෙන්නප්පුව පොලීසිය පවසනවා.
31 වැනිදා අළුයම 2.30 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මිය ගොස් ඇති අය කව්රුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නෑ.
වයස අවුරුදු 60 ක් පමණ වන සිහින් සිරුරක් ඇති මිය ගිය අය රෝහලක සිට පැමිණ ඇති අයෙකු බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
මළ සිරුර දැනට ලුණුවිල ප්‍රාදේශීය රෝහලේ තැම්පත් කර ඇති අතර,හදුනා ගැනීම සහ පශ්චාත් මරණ පරීක්ෂණය සදහා මාරවිල මූලික රෝහල වෙත රැගෙන යන බව වෙන්නප්පුව පොලිසිය සඳහන් කළා.
වෙන්නප්පුව පොලීසියේ රථ වාහන අංශය වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරනු ලබනවා.