Gossips

පුද්ගලයෙකු තල්ලු කිරීම හේතුවෙන් ඇද වැටුනු අයෙකු මරුට

කෑගල්ල – එරමිණියගොල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකු තල්ලු කිරීමත් සමඟ ඇද වැටී හිස සිමෙන්ති බැම්මක ගැටී සිදුවූ අනතුරකින් එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එරමිණියගොල්ල – හල්පිටිය සුසාන භූමියේ වළක් කපමින් සිටින අතරතුර මෙය සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය සඳහන් කළේ.
එහිදී තුවාල ලැබූ පුද්ගලයා කෑගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්ව ඇති අතර, ඔහු 46 හැවිරිදි හිරිවඩුන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් තල්ලුකිරීම සිදුකළ පුද්ගලයා පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.