Gossips

පුද්ගලයෙකුට දිවි අහිමි කළ අගලවත්තේ අනතුර (ඡායාරූප)

අවමංගල්‍ය උත්සවයකට සහභාගී වී නැවත පැමිණෙමින් සිටි පිරිසක් රැගත් වෑන් රථයක් අගලවත්ත ප්‍රදේශයේදී අනතුරට ලක්වීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
ඊයේ (21) පස්වරුවේ සිදුවූ මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ 63හැවිරිදි වියේ පසුවූ අයෙක්.
රත්නපුර ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වී නැවත පැමිණෙමින් සිටි පිරිස රැගත් වෑන් රථය අගලවත්ත දාපිළි‍ගොඩ ප්‍රාථමික විදුහල අසල පිහිටි නිවසක තාප්පයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථය තුල සිව්දෙනෙකු සිට ඇති අතර අනතුරෙන් තුවාල ලැබූ පිරිස වැත්තෑව දිස්ත්‍රික් රෝහලවෙත ඇතලත් කර ඇති අතර එහිදී එක් අයෙක් මියගොස් තිබෙනවා.
ඉන් බරපතල තත්වයේ පසුවූ දෙදෙනෙක් නාගොඩ මහ රෝහල වෙත මාරුකර යවා ඇති බවයි වාර්තා වන්නේ.
අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ අගලවත්ත පොලිසිය විසින් සිදුකරනු ලබනවා.



ඡායාරූප – අගලවත්ත, ධනුෂ්ක ලංකා නානායක්කාර