Gossips

පුදබිමට ගිය අපේ කොල්ලෝ සෙට් එක

පිදුරංගල පූජා භුමිය වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.
ඒ එම පූජා භූමියේ සිටිමින් අඩ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට එක්කිරීමේ උන්මාදයක් සමාජ මාධ්‍ය හරහා ව්‍යාප්ත වීමත් සමඟයි.
කෙසේ වෙතත්, පිදුරංගල රාජමහා විහාරයට සහ එම ස්ථානයට අපහාස වන අයුරින් අශෝභන ලෙස ඡායාරූප පළ කිරීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළ යුතු බවටයි පිදුරංගල රාජමහා විහාරාස්ථානයේ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය ධානියාගම ආනන්ද හිමියන් සඳහන් කළේ.
ඓතිහාසික පිදුරංගල, සීගිරිය බලකොටුවක් ලෙස පැවති සමයේ එහි සිටි රහතුන් වහන්සේලාට වැඩ සිටීමට ආරාම සකසා පූජා කළ ඓතිහාසික ස්ථානයක් බවටයි පුරාවිද්‍යා බලධාරීන් පෙන්වා දෙන්නේ.
එමෙන්ම පිදුරංගල යනු මහා වංශය ලියූ මහානාම හිමියන් වැඩ විසූ පුරාණ දික්සඳ සෙනෙවියා පිරිවෙන බවට ද ජනප්‍රවාද පවතිනවා.
මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුකළ යුතු බව සිංහලේ අපි ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන්ද ප්‍රකාශ කළා.
මේ අතර එම පූජා භූමියේ සිට තරුණයන් පිරිසක් සිදුකරණ සංස්කෘතික අංගයක් වෙත ද මේ වනවිට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.
එම අවස්ථාව ගැන වැඩිදුර තොරතුරු නොමැති වුවද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන එම අවස්ථාවේ වීඩියෝව අපවෙත ලැබුනා.
එම වීඩියෝව පහතින්.
rn