Gossips

පුත්තලම මුහුදේ අපද්‍රව්‍ය ගැන සැකයක්

පුත්තලම වෙරළ තීරයේ ස්ථාන කිහිපයකට ගොඩ ගැසූ සායනික අපද්‍රව්‍ය ඉන්දියාවෙන් හෝ වෙනත් රටකින් පාවී ආ බවට තහවුරු කළ හැකි සාක්ෂි නොමැති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා.
එහි පුත්තලම දිස්ත්‍රික් නිලධාරිනි ප්‍රියංගා සමරසේකර කියා සිටියේ ඒ අනුව මෙම අපද්‍රව්‍ය ලංකාවේ විවිධ ගංඟාවලින් මුහුදට එකතුවී යළි වෙරළට ගසාගෙන එන්නට ඇති බවට සැකයක් මතුවන බවයි.
පුත්තලම – මාම්පුරිය සිට උඩප්පුව දක්වා වන වෙරළට ගොඩගසා තිබූ එම සායනික අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතු අද (14) ආරම්භ කෙරුණු අතර, මේ සම්බන්ධයෙන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විශේෂ පරීක්ෂණයක්ද ආරම්භ කර තිබෙනවා.
කෙසේ වෙතත් මීට පෙර සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ප්‍රකාශ කළේ එම අපද්‍රව්‍ය ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පසුගිය දා ඇති වූ ජල ගැල්ම නිසා මෙරට වෙරළට ගොඩගැසූ බවට සැකයක් පවතින බවයි.