Gossips

පුත්තලම – මන්නාරම මාර්ගයේ ගමනාගමනයට බාධා

පුත්තලම – මන්නාරම මාර්ගයේ එළුවන්කුලම ප්‍රදේශය මේ වනවිට ජලයෙන් යටවී තිබීම හේතුවෙන් එහි ගමනාගමන කටයුතුවලට බාධා එල්ලවී තිබෙනවා.
රාජාංගණය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමඟ කලාඔයේ ජල මට්ටම ඉහළ යාම මීට හේතුවී ඇති බවයි වාර්තාවන්නේ.
මේ අතර අනිද්දා දිනය දක්වා උතුර, උතුරුමැද, නැගෙනහිර, ඌව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් මිලිමීටර 150 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වුණා.