Gossips

පුත්තලම පිපිරීම ගැන විශේෂ විමර්ශනයක්

පුත්තලම – පාලවිය ප්‍රදේශයේ යකඩ එක්රැස් කරන මධ්‍යස්ථානයක සිදුවූ පිපිරීමකින් පුද්ගලයෙකු මිය යාම සම්බන්ධයෙන් පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
අද (04) උදෑසන සිදුවූ මෙම පිපිරීමෙන් එම මධ්‍යස්ථානයේ සේවය කළ පාලවිය ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි දෙදරු පියෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
යාපනය ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෙම මධ්‍යස්ථානයට පරණ යකඩ රැගෙන එන බවටයි වාර්තා වන්නේ.
එලෙස රැගෙන ආ කිසියම් යකඩ භාණ්ඩයක් මිය ගිය පුද්ගලයා විසින් තැලීමට ගිය අවස්ථාවේදී මෙම පිපිරීම සිදුව ඇති බවට සැක කෙරෙන බවයි පොලීසිය සඳහන් කළේ.
අධිබලැති කිසියම් ද්‍රව්‍යයක් පුපුරා ගොස් ඇති බවට සැක කරන බව ද පොලීසිය තවදුරටත් ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, අදාළ පිපිරීම සම්බන්ධයෙන් හෙට දිනයේදී රජයේ රස පරීක්ෂකවරයා කැදවා විමර්ශනයක් සිදුකිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.