Gossips

පුත්තලම ප්‍රාදේශීය සභා සභාපති අත්අඩංගුවට

පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති අංජන සඳරුවන් කටුනායක ගුවන් තොටුපලේදී අද අළුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අධිකරණය මගින් ලබාදුන් තීන්දුවක් නොසලකා හරිමින් විදෙස් ගතවීමට උත්සහ කිරීම හේතුවෙන්.
මොහු සිංගප්පූරුව බලා පිටත්ව යාම සඳහායි කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත්තේ.
2010 වසරේ ජනවාරි මස 26 වනදා පුත්තලම – මදුරන්කුලිය ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මොහුට එරෙහිව පුත්තලම මහාධිකරණය හමුවේ පවතින නඩුවකට අදාලව දැනට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.
මෙම නඩුවේ තීන්දුව ලබන 16 වනදා ලබාදීමටද නියමිතයි.
පසුගිය පලාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මොහු ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ලෙස තේරී පත් වුණා.