Gossips

පුත්තලම – ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා අත්අඩංගුවට

පුත්තලම – ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා පොලිසිය ඊයේ (21) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පුත්තලම ප්‍රාදේශීය සභාවට අයත් සෙම්බැට්ටේ සිට වේලාසිය දක්වා දිවෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේදී බෝක්කුවක් සවි කිරීම සඳහා කපා තිබූ අනතුරුදායක වළකට වැටී 32 හැවිරිදි පුද්ගලයෙකු මිය යාමේ සිද්ධියට අදාළවයි මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
එම මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ කොන්ත්‍රාත්තුව මෙම උප සභාපතිවරයා විසින් ලබාගෙන ඇති අතර මාර්ගය ඉදිකිරීමේදී එහි අනතුරුදායක බව අඟවන පුවරු කිසිවක් සවි කර නොතිබීම ඊට හේතුව වී තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පුත්තලම ප්‍රාදේශීය සභාවේ උප සභාපති ජයම්පති බන්දුරාජ නැමැත්තායි.