Gossips

පුත්තලම – තිල්අඩිය ප්‍රදේශයේදී ට්‍රැමඩෝල් මත්පෙති තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

පුත්තලම – තිල්අඩිය ප්‍රදේශයේදී ට්‍රැමඩෝල් මත්පෙති 6600ක් සමඟ පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ පුත්තලම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම මත්පෙති සොයාගෙන ඇති බවයි.
අත්අඩංගුවට ගත් 39 හැවිරිදි සැකකරු පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු අද (30) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.