Gossips

පුත්තලම – කොළඹ ප්‍රධාන මාර්ගයේ අනතුරකින් 04ක් ජීවිතක්ෂයට

පුත්තලම – කොළඹ ප්‍රධාන මාර්ගයේ නාගවිල්ලුව ප්‍රදේශයේදී වෑන් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් හතරදෙනෙකු මියගොස් තවත් හත්දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ අද අලුයම 1.45 ට පමණ යාපනය දෙස සිට කොළඹට ධාවනය වූ වෑන් රථයක් සහ ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි.
සිද්ධියෙන් මියගිය පිරිස අතර, කාන්තාවන් තුන්දෙනෙකු වනවා.
මෙම මියගිය කාන්තාවන් තිදෙනා අතර ගැබිණි කාන්තාවක්ද සිටින බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.
මියගිය අනෙක් පුද්ගලයා මාර්ගයේ සිටි අයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.
බරපතල තුවාල ලැබූ වෑන් රථයේ රියදුරු සහ තවත් අයෙකු පුත්තලම රෝහලෙන් කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.
ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.