Gossips

පුත්තලම අඹු – සැමි යුවළකට ප්‍රහාරයක්

පුත්තලම – පාලවිය ප්‍රදේශයේදී නිවසකට පැන සැමියාට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකර බිරිඳට පහරදිමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැමියා සහ බිරිඳ ඊයේ (02) රාත්‍රී ආහාර ගනිමින් සිටියදී එම නිවසට කඩා වැදුණු දෙදෙනෙකු තියුණු ආයුධයකින් ඔවුන්ට පහර දී ඇති බව සදහන්.
ඉන් තුවාල ලැබූ 41 හැවිරිදි සැමියා මේ වන විට පුත්තලම මුලික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කළේ.
අද (04) පෙරවරුවේ අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් එම ප්‍රදේශයේම පදිංචිකරුවන්.
ඔවුන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම නිසා නිවාස කොල්ලකෑමේ අරමුණින් මෙම පහරදීම සිදුකර ඇති බවට සිදුකළ මුලික පරික්ෂණ වලදී අනාවරණය වී තිබෙනවා.