දිවයිනට කිලෝමීටර් 850 ක් බස්නාහිර දෙසින් පවතින පීඩන අවපාතයේ බලපෑම හේතුවෙන් තවදුරටත් පුත්තලම සිට කොළඹ – ගාල්ල හරහා මාතර දක්වා මුහුදු ප්‍රදේශයේ සුළං වේගය පැයට කිලෝමීටර් 70 – 80 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ අතර එම ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
