Politics Sri Lanka

පුත්තලමේ පුද්ගලයින් 2,16,018 දෙනෙකු නියඟයෙන් පීඩා

පුත්තලමේ පුද්ගලයින් 2,16,018 දෙනෙකු නියඟයෙන් පීඩා

පවතින දැඩි නියං තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ක පවුල් 6,643ක පුද්ගලයින් 216,018 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමණාකරන ඒකකය සඳහන් කරයි.

දිස්ත්‍රික්කයේ වෙන්නප්පුව සහ නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 02ට හැර සෙසු සෑම ප්‍රදේශයකම ජනතාව නියගය හේතුවෙන් පීඩාවට පත්ව ඇත.

ඒ අනුව නවගත්තේගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල් 6170ක පුද්ගලයින් 18,066ක්ද, කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 7,162ක පුද්ගලයින් 22,497ක්ද, පල්ලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 7,013ක පුද්ගලයින් 22,446ක්ද පීඩාවට පත්ව සිටී.

වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 3,181ක පුද්ගලයින් 12,796ක්ද, මහ කුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 7,197ක පුද්ගගයින් 22,694ක්ද පීඩාවට පත්ව සිටින බව ආපදා කළමණාකරන ඒකකය සදහන් කරයි.

ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 10,174ක පුද්ගලයින් 26,715ක්ද, පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 3,458ක පුද්ගලයින් 12,259ක්ද පීඩාවට පත්වී සිටින අතර,මුන්දලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 4,194 ක පුද්ගලයින් 14,206 දෙනෙකු නියගය හේතුවෙන් පීඩාවට පත්ව ඇත.ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 6,591ක පුද්ගලයින් 25,628ක්ද, හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 7,769ක පුද්ගලයින් 29,252ක් සහ මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 3,167 ක පුද්ගලයින් 9,461 දෙනෙකු පීඩාවට පත්ව සිටින බවද දිස්ත්‍රික් ආපදා කළමණාකරන ඒකකය සදහන් කරයි.