Gossips

පුත්තලමේ ප්‍රදේශ කිහිපයකට අධි බලැති විදුලි ධාරාවක්

පුත්තලම – කාක පල්ලිය, පම්බල සහ පොන්නන්කන්නිය ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයකට පැමිණි අධිබලැති විදුලි ධාරාවක් හේතුවෙන් නිවාස රැසක විදුලි උපකරණ විනාශ වී තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ අද (01) අලූයම 2 යි 30 ට පමණ පැමිණි අධිබලැති විදුලි ධාරිතාවක් හේතුවෙන් මෙලෙස ගෘහ විදුලි උපකරණවලට හානි සිදුවී ඇති බවයි.
නිවාස 300 කට ආසන්න ප්‍රමාණයක ජනතාවගේ විදුලි උපකරණ මෙහිදී විනාශ වී තිබෙනවා.
විදුලි ට්‍රාන්ස්පෝමරයක මතුවූ ගැටලූවක් ඊට හේතුවී ඇති බවයි හලාවත විදුලි ඉංජිනේරු කාර්යාලය කියා සිටියේ.