Gossips

පුත්තලමේ දෙවොලක බේසමක කළ වැඩේ

පුත්තලමේ දෙවොලක බේසමක කළ වැඩේ"
පුත්තලමේ දෙවොලක බේසමක දිය කපයි
දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති නියඟය හේතුවෙන් මේ වනවිට ලක්ෂ 03 කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව සිටිනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ අනුරාධපුරය, කුරුණෑගල, පුත්තලම, මඩකලපුව යන දිස්ත්‍රික්කවලට වියළි කාලගුණයෙන් බලපෑම් එල්ල වී ඇති බවයි.
ඇතැම් ප්‍රදේශවල ජනතාවට බවුසර් මගින්ද ජලය බෙදාහැරීම ආරම්භ වී තිබෙනවා.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ කෘෂිකර්ම කටයුතු සඳහා 33% ක පමණ ජල ප්‍රමාණයක් මේ වනවිට පවතින බවයි.
එය මහ කන්නය සඳහා ප්‍රමාණවත් නොවන බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ.
මේ අතර, පුත්තලම ප්‍රදේශයට පවතින වියලි කාලගුණය නිසා කරුමාරි අම්මන් කෝවිලේ ඊයේ (01) පැවති වාර්ෂික මංගල්‍යයටද බාධා එල්ල වී තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ එහිදී කුඩා බේසමකට ජලය රැගෙන දිය කැපීමේ චාරිත්‍රය ඉටු කළ බවයි.