Gossips

පුත්තලමේ ජලය රැදී තිබෙන ප්‍රදේශ හරහා ගමන් කිරීමෙන් වළකින්නැයි උපදෙස්

පුත්තලම දිස්ත්‍රික්කයේ ජලය රැදී පවතින ප්‍රදේශ හරහා ගමන් කිරීමෙන් වළකින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙනවා.
එලෙස ගමන් කිරීමට ගොස් අනතුරට ලක් වූ පුද්ගලයින් 8 දෙනෙකු පමණ පසුගිය දින කිහිපයේදී මුදා ගත් බවයි එම මධ්‍යස්ථානයේ පුත්තලම් දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඒ.එම්.ආර්.එන්.කේ. අලහකෝන් ප්‍රකාශ කළේ.
අයහපත් කාලගුණය නිසා දංකොටුව – නාත්තන්ඩිය සහ නාත්තන්ඩිය – කුලියාපිටිය මාර්ග තවදුරටත් ජලයෙන් යටවී තිබෙනවා.
එසේම, නාත්තන්ඩිය සහ වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ඇතැම් ප්‍රදේශ තවදුරටත් ජලයෙන් යටවී ඇති බවයි දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂවරයා කියා සිටියේ.